brand logo

හිස්බුල්ලාට ඇප දෙනවාද? නැද්ද?

14 January 2021

පාස්කු ප්‍රහාරයට අදාළව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (13 වැනිදා) ප්‍රකාශ කළේය. නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ නියෝගය ලබාදීමට නියමිතය. නීතිඥ හිජාස් හිස්බුල්ලා මාස 03ක කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා අධිකරණය වෙත දැනුම් දී තිබිණි. මේ වනවිට කොරෝනා ආසාදිතයකු වී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි. ඉෂාර රත්නකාර
 

More News..