brand logo

හිරේදී ජාවාරම් කල 412ක් කොටු

18 July 2019

බන්ධනාගාරය තුලදී කරන ලද වැරදි හේතුවෙන් ගත වූ මස 19ක කාලය තුළදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 412 දෙනෙකු සිර ගෙදර තුලදී නැවත වරදකරුවන් ලෙස දඬුවමට ලක් කර ඇත. 2018 වසරේදී 234 දෙනෙකුද 2019 වසරේ මේ දක්වා 178 දෙනකුද මෙලෙස දඬුවමට ලක් කිරීමට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ක්‍රියාකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ පුද්ගලික සහකාර ලේකම් එස්.බි විජේරත්න මහතා පවසයි. බන්ධනාගාරය තුලදී හෙරොයින් ළඟ තබා ගැනීම, ජංගම දුරකථන භාවිතය සහ එකිනෙකාට පහර දීම ඇතුළු වැරදි සඳහා ඔවුන් දඬුවමට ලක් කොට ඇත. මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් ප්‍රමාණය 3360ක් වන බව හෙතෙම වැඩිදුරටත් අරුණට පැවසිය. ඉෂාරා අබේගුණසේකර
 

More News..