brand logo

හිරුණිකා අගයමින් නාමල් තැබු සටහන

17 May 2020

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පිළිබද බොහෝ අවස්ථාවන් වලදී සමාජයේ වැඩි කතා බහට ලක්වුණු දේශපාලන චරිතයක්. ඇය පිළිබද මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඇගේ හිසකෙස් දන් දීමත් සමගයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නිල ෆේස්බුක් ගිණුමේ මේ විදිහට සහටක් තබා තිබුණා. පිළිකාව.. භයානක, කණගාටුදායක අත්දැකීමක්.. එය එම රෝගයට භාජනය වන්නාට පමනක් නොවෙයි ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ආදරණීයයන්ටත් එසේමයි. අපට ඔවුන්ගේ වේදනාව නිමා කල නොහැකියි. එහෙත් ඔවුන්ව මොහොතකට හෝ සතුටු කල හැකියි. ඒ ඔවුන්ගේ ප්රධාන අවශ්යතාවක් වන ඔවුන්ට අහිමිව ගිය කොන්ඩය නැවතත් ලබා දීමෙන්. ඒ සඳහා දායක වීමට මමත් තීරණය කලා. ආදරණීය යෙහෙළියන්ටත් මා ආරාධනා කරනවා හැකි නම් ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙනෙන්න. මේ සත්කාරයට දායක වන්න. ස්තූති ❤️ මේ අතර දේශපාලනය තුල මත දෙකක සිටියත් හිරුණිකාගේ කුඩා කල සිට සමීප මතුරෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිරුණිකා කරපු මේ වැඩේ අගය කරලා තිබුණා. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ විදිහේ සටහනක් තබමින්. දේශපාලන කදවුර කුමක් වුවද සමාජයට අර්ථවත් දෙයක් කිරීම අගය කිරීමේ දේශපාලනය මා විශ්වාස කරමි. තරුණ හිටපු මන්ත්‍රීවරියක් ලෙස සමාජයේ තියුණු ගැටලුවක් ගැන Hirunika Premachandra ඔබ පෑ මනුෂ්යත්වය අගය කරමි. ඒ හරහා ඔබ මතු කරන සමාජ ප්රශ්නයට අප රටක් විදිහට මානුෂවාදීව පිළිතුරු සෙවීමට කාලය උදාවී තිබෙනවා. වැඩ කරමු රට හදමු වෙනස අපි වෙමු ??
 

More News..