brand logo

හිමේ ලිස්සූ ලෝක ශූරයා දියේදී අවසන් ගමන් යයි

10 July 2020

දෙවරක් ලෝක ශූරතාවට හිමිකම් කියූ හිම මත ලිස්ස යෑමේ ක්‍රීඩක ඇලෙක්ස් පුලින් සිය උපන් රට වන ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීමට යාමේදී මියගොස් තිබේ. ‘චම්පි’ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇලෙක්ස්, ගැඹුරු මුහුදේ හෙල්ලෙන් මසුන් ඇල්ලීමේදී මෙලෙස අනතුරකට මුහුණ දී ඇත. සමස්ත ඔලිම්පික් උළෙල 3කට සහභාගී වී ඇති 32 හැවිරිදි පුලින්, 2014 රුසියාවේ සෝචි නුවර පැවති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරමින් ධජයද රැගෙන ගියේය. පළපුරුදු කිමිදුම්කරුවෙකු ලෙස ඔහු කීප විටකදීම විදෙස් මාධ්‍යයේ හැඳින්වූ අතර මීට පෙරද ඔහු හෙල්ලෙන් මසුන් ඇල්ලීම කෙරෙහි දැක්වූ ඇල්ම පිළිබඳව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. ක්වීන්ස්ලන්ත ගිලන්රථ සේවය විසින් (8 වැනිදා) පෙරේදා විදෙස් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාම් වෙරළ තීරයේ 19 වැනි මාවත ප්‍රදේශයේදී මෙම මරණය සිදුව ඇති බවයි.
 

More News..