brand logo

හිමිනම ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවේ

05 January 2021

  හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනය සහ පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හංවැල්ල පොලිසිය සඳහන් කර ඇත. සැකකරුවන් අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ. එසේම එම ඝාතන සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව පැවසෙන අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
 

More News..