brand logo

හිමිකරුවන් නැති ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට රජයට බලය නෑ

11 May 2021

හිමිකරුවන් නොමැති ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට හෝ පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලතලයක් නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. මෙරට ලක්ෂ 20 ක් පමණ වන ෆේස්බුක් සමාජගත පරිශීලන ගිණුම්වලට නිසි හිමිකරුවන් නොමැති බව ජනමාධ්‍ය ඇමැතිවරයා පවසන්නේ කුමන පදනමකින්ද යැයි ගැටලු සහගත බව මෙම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ ‘අරුණ’ ට පැවැසීය. මෙම ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම්, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට වෙනත් තෙවන පාර්ශ්වීය කණ්ඩායමකට බලතලයක් නොමැති බව ඔහු කියා සිටියේය. සමාජ මාධ්‍ය පරිශීලනයන් බිය ගැන්වීමට රජයට විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය බලවත් අප්‍රසාදය පළකරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය. අශිකා ජයවීර
 

More News..