brand logo

හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අදයි

15 January 2020

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙන තෛපොංගල් උත්සවය අදට යෙදී ඇත. සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබයි. තෛපොංගල් උත්සවය මෙරට හින්දු බැතිමතුන්ගේ ද ඉතා වැදගත් ආගමික සංස්කෘතික උළෙලක් ලෙස සැලකෙන අතර බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රකිනු වස් තෛපොංගල් උත්සවය වැනි උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පෙන්වා දෙයි.
 

More News..