brand logo

හින්දු කොවිල් වල උත්සව වලට ගොස් රන් මාල කඩන කාන්තාවන් 6ක් අත්අඩංගුවට

16 June 2019

දිවයින පුරා හින්දු කොවිල් වලට ගොස් එම කොවිල් වල පැවැත්වෙන උත්සව වලදි කාන්තාවන් ගෙල බැදි රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා (14) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. නාවලපිටිය පොලිස් වසමට අයත් කඩියන්ලෙන ශ්‍රි මුත්තුමාරි අම්මන් හින්දු කොවිලේ කොත් පැළද විමේ උත්සවය ඊයේ දිනට යෙදි තිබු අතර එම උත්සවය සදහා ප්‍රදේශයේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වි සිටිහ. මෙම උත්සවයේදි කාන්තාවන් ගෙල බැදි රන් මාල කඩා ගන්නා කාන්තාවන් හය දෙනෙකු එම උත්සවයට පැමිණි බැතිමතුන් සහ ප්‍රදේශවාසින් එක් ව අල්ලා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත. සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 – 28 අතර වයස් කාණ්ඩවල පසුවන අයත් බවත්, හලාවත , වත්තේගම , වලච්චේන ,බුලත්සිංහල යන ප්‍රදේශය වල පදිංචි දමිල ජාතිකයන් බවත්, මෙම කාන්තාවන් යාපනයේ නල්ලුර් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිල් වලට ගොස් සෙනග අතර තෙරපෙමින් ඉතා සුක්ෂම ලෙස කාන්තාවන් බැදි රන් මාල සොරා ගන්නා බවයි දැනට පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත. පෙරේදා (14) දින කොවිලේ පැවති උත්සවයේදි රන් මාල නැති වු විගස එම උත්සවයට පැමිණි කාන්තාවන් පිරිසක් එක වරම කැ ගැසිමත් සමග වහා ක්‍රියාත්මක ප්‍රදේශවාසින් එම කාන්තාවන්ව අල්ලා පොලිසිය භාර දිමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තිබු සොරාගන්නා ලද රන් මාල කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් ඊයේ (15) නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවක් රන් මාලයක් සුක්ෂම ලෙස සොරා ගන්නා ආකාරය ජංගම දුරකථනයක පටිගත වි තිබුණි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..