brand logo

"හිත කොහෙදෝ ගිහින්" විඳින්න සූදානම් වෙන්න

13 November 2018

ශ්‍රී ලංකාවේ රසික රසිකාවියන්ගේ සිත් ප්‍රේමයෙන් පුරවන ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවෙල් කලාකරුවානන්ගේ නවතම ගීතය රූපමය රසයත් සමග තවත් දින තුනකින් ජනසතු කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. හිත කොහෙදෝ ගිහින් යන පදමාලාවෙන් රසවත් වන මෙම ගීතයේ වීඩියෝව ලබන 16 වැනිදා පස්වරු 6.00ට රසික රසිකාවියන් වෙත තිළිණ කිරීමට නියමිතයි. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීයි. කීර්ති පැස්කුවෙල් මහතා විසින් මිහිරි හඩින් ගයන මෙම ගීතයේ රූපමය නිෂ්පාදනය සිදුකර තිබෙන්නේ 360 නිෂ්පාදන කණ්ඩායම විසින් වීම තවත් විශේෂත්වයක් වනවා.
 

More News..