brand logo

හිටිහැටියේ ධනවත් වූ රාජ්‍ය නිලධාරීන්

27 September 2020

    අයථා අන්දමින් වත්කම් උපයා හිටි හැටියේ කෝටි ප්‍රකෝටිපතියන් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් විමර්ශනයක් අරඹා ඇත. මේ අනුව රහස් පොලිසිය දූෂිත රේගු නිලධාරීන් පිරිසකගේ කෝටි ගණනක දේපොළ උපයාගත් ආකාරය හා ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර ලබාගැනීම සඳහා අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කර ඇත. මේ අනුව වැටුපට සමාන්තරව හිතාගත නොහැකි නිවාසදේපොළ හිමිකරගෙන මහජන මුදල් ගසා කා සැපවත් ජීවිත ගත කරන දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඉහළ නිලධාරියකු සඳහන් කළේය. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන සිදුකරමින් ඇත. මහජන මුදල් හා දේපොළ ගසා කමින් රාජ්‍ය ආයනතවල සිදුවන දූෂණ අක්‍රමිකතාමෙන්ම අකාර්යක්ෂම වැඩකටයුතු ගැන සොයා බැලීමට රාජ්‍ය ඔත්තු සේවාවයුද හමුදා බුද්ධි අංශය ඇතුළු ඔත්තු සේවාවන් විශේෂ බුද්ධි මෙහෙයුමක් අරඹා ඇත. කාලයක් තිස්සේ රාජ්‍ය ආයතනවලට අරක්ගත් දූෂිත නිලධාරීන් සිදුකරන වංචාවන් සොයා බලා මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා කාර්යක්ෂම සේවාවක් ඇති කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්සඨ නිලධාරියකු අනාවරණය කළේය. මෙහිදී දූෂිත නිලධාරීන් ගැන වෙනමම තෝම්බුවක් සැකසීමටත්රාජකාරිය පැහැරහරින නිලධාරීන් සම්බන්ධව සොයා බැලීමටත් නියමිතය. රජයේ මුදල් පිටතට ඇදී යන සේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ මාෆියාවක් ගැනද බුද්ධි අංශ යොදා සෙවීමට පටන් ගෙන ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය පිටස්තර සමාගම්වලට දී ඉහළ නිලධාරීන් හා හිටපු දේශපාලනඥයන් කලක් තිස්සේ රුපියල් කෝටි ගණනින් කළ ගසා කෑම් පිළිබඳව වාර්තාවක්ද මෙම බුද්ධි මෙහෙයුම්වලට අදාළව ලබාදීමෙන් පසුව එම රියැදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාව ලවා කිරීමට තීරණය කර ඇත. එමගින් පිටතට ගිය මහජන මුදල් කෝටි ගණනක් ඉතිරි කර ගැනීම අපේක්ෂාව වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් මාෆියාවට සම්බන්ධ වූවන් ගැනද මේ වන විට සොයා බලන්නට පටන් ගෙන ඇත. රේගුවවරායබන්ධනාගාරතෙල් සංස්ථාව ඇතුළු දූෂිත තැන් සම්බන්ධවද මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත.   තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..