brand logo

හිටපු DIG නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි

08 March 2019

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (08) ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහාතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. නාලක ද සිල්වා මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබු නියෝගය ප්‍රතිශෝදනය කර ඇප ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
 

More News..