brand logo

හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස්ට ඇප

19 July 2020

තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිමල් ආර්. පීරිස් මහතා පෙර ලබාගත් නිදහස් තැපැල් මුද්‍රාවක් වෙනුවෙන් 2018 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඔහු විසින් ලිපි 7564 ක් පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ තැපෑලට යොමු කර තිබූ බවට තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත ඊයේ (18) පස්වරුවේ ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
 

More News..