brand logo

හිටපු මන්ත්‍රී කාවින්දගේ වීඩියෝවක් ගැන මල්ෂා කුමාරතුංගගෙන් ප්‍රකාශයක් ගනී

19 May 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සකස් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වීම සම්බන්ධයෙනුයි. කාවින්ද ජයවර්ධ මහතා මීට පෙර මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අදාල වීඩියෝ පටය සංස්කරණය කළ බවට වන චෝදනාවකට අදාලව හිටපු පළාත් සභා මන්ත්‍රිනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
 

More News..