brand logo

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඩුවම

12 January 2022

සිරකරුවන්ට වෙඩිතැබීමේ සිද්ධියේ රංගජීව නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී ඇතිවූ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවෙක් වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මහතාට අධිකරණය විසින් අද (12) මරණීය දණ්ඩනය නියම කර තිබේ. එම සිද්ධියට චෝදනා එල්ලවී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලෙසද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කර ඇත. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධික කාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව අද එලෙස ප්‍රකාශයට පත් කර තිබේ. බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්විය. ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කර ගැනීමට හැකිවූයේ පුද්ගල මරණ 8ක් සම්බන්ධයෙන් පමණක් වන හෙයින් ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු ගොනු කෙරුණේ පුද්ගල මරණ 8ක් සම්බන්ධයෙනි. 2012 වසරේ නොවැම්බර් මසම 9 වනදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.
 

More News..