brand logo

හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

12 June 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුන් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා ඇති බවට තෙරතුරු වාර්තා වේ. මෙලෙස කැඳවීම් ලබා ඇති හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් ද විය.
 

More News..