brand logo

හිටපු ජනාධිපති අද විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

02 September 2021

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දිනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ. මේ නිමිත්තෙන් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ දී අද සවස 5 සිට රාත්‍රී 7 දක්වා මුළු දිවයිනම ආවරණය පන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයීය දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ධම්ම දිසානායක ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද අදහස් දක්වති. නිලන්ත මදුරාවල
 

More News..