brand logo

හිටපු ජනපති ලංකාවට

19 August 2022

එන සතියේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණෙන බව අලි සබ්‍රි කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පවසයි. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග ඔස්සේ දැනුම්දී ඇතැයි විදේශ කටයුතු ඇමතිවරයා සීඑන්එන්(CNN) පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. පසුදිය ජූලි මස 13වැනිදා මෙරටින් නික්ම ගිය හිටපු ජනාධිපතිවරයා, මාලදිවයිනටද, එතැනින් සිංගප්පුරුවටද, ඉන් අනතුරුව තායිලන්තයටද ගමන් කරනු ලැබීය. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ඔසුට රිසිසේ සංචාරයන්හි නිරතවිය හැකි බවත් විදේශ ඇමතිවරයා සීඑන්එන් පුවත් සේවයට වැඩිදුරටත් පවසා ඇත.
 

More News..