brand logo

හිටපු ජනපති ගත් තීරණයට එරෙහිව FR පෙත්සම්

22 January 2021

  මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදි කරුවන් වී සිටින සිරකරුවන් සිව්දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 11 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතය තවද අදාළ සිරකරුවන් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන මෙන්ම මරණීය දණ්ඩනය නියම වී දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් ඇතුළු පාර්ශව 12ක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන පිරිස කර ඇත.
 

More News..