brand logo

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඩුවම්

19 December 2019

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළා. ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වුණි. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.
 

More News..