brand logo

හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරයට

01 January 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ. නව වසර උදාවීමත් සමගින් අනුරාධපුරයට පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණියේය.ඒ වන විටත් අමාත්‍යයවරයාගේ නිවසේ නව වසර වෙනුවෙන් පාසල් දරුවන්ට පොත් බෙදා දීම සිදු කෙරෙමින් තිබූ අතර, හිටපු ජනපතිවරයාද පාසල් දරුවන් වෙත එහිදී පොත් බෙදා දුන්හ. අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගැනීමට ගිය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පළමුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැක පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත් ඒ මහතා ඇතුළු පිරිස රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ. ඉන් අනතුරුව රුවන්වැලි සෑ විහාර මන්දිරය වෙත හා රුවන්වැලි සෑය වෙත මල්, පහන් පූජා කර ආශිර්වාද ලබා ගත්හ. මෙම අවස්ථාවට තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. තිසර සමල් එප්පාවල
 

More News..