brand logo

හිටපු ජනපතිවරයෙක් අවසන් ගමන් යයි

17 January 2022

මිය යන විට වයස අවුරුදු 76ක් ධුරයෙන් නෙරපාහරින ලද මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බුබාකර් කිටා අභාවප්‍රාප්ත වී තිබෙනවා. බමාකෝ අගනුවර පිහිටි ඔහුගේ නිවසේ දී හිටපු ජනාධිපතිවරයා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීට වසර දෙකකට පෙර ඊබ්‍රහිම් බුබාකර් අඝාත තත්ත්වයකට ගොදුරු වූ නමුත් ඔහුගේ අභාවයට හේතුව එම කාරණය ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. ඊබ්‍රහිම් බුබාකර් මියයන විට 76 හැවිරිදි වියේ පසු වුණා. 2020 වසර තෙක් 7 වසරක් ඊබ්‍රහිම් බුබාකර් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසු ඔහු සිය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා.
 

More News..