brand logo

හිටපු ඇමති අර්ජුන රණතුංගට වරෙන්තු

02 October 2020

  දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගී කියනගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩු විභාගයට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා. නඩුවට අදාළ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු උවත්, පෙනී සිට නැති බව වාර්තා වේ. මේ නිසා වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම සඳහා දෙසැම්බර් 18 වන දා යළි නඩුව කැඳවීමට තීරණය කර ඇත.
 

More News..