brand logo

හිටපු ඇමතිගේ ලක්ෂ 7ක භාණ්ඩ සොරු අරන්

04 December 2020

හිටපු විදේශ කටයුතු අමාත්‍ය එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරයකු වන රෝහිත බෝගොල්ලාගම මහතාට අයත් භාණ්ඩ තොගයක් සොරු අරගෙන තිබේ. මෙලෙස සොරාගෙන ඇත්තේ සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක භණ්ඩ තොගයක්. සොරකම් කළ බව කියන රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් බව පැවසේ. එසේම කතරගම පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සැකකරුවන් 4දෙනෙකු එම භාණ්ඩගෙන තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත. එසේම හිටපු අමාත්‍යවරයා කතරගම පොලීසියට පැමිණ බඩු භාණ්ඩ හැඳිනගෙන ඇතැයිද පැවසේ. සැකකරුවන් තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.
 

More News..