brand logo

හිටපු ආරක්ෂක ලේකම් හෙට දක්වා රිමාන්ඩ්

02 July 2019

මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ ජාතික රෝහලට පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු අතර අත්අඩංගුවට ගැනුනේ පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේත්, හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටියදීය පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.
 

More News..