brand logo

හිටපු අගමැති පාර අතුගායි

16 September 2019

හිටපු අගමැති දිමු ජයත්න මහතා ඊයේ (15 ) ඒ මහතාට අයත් ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට යන මාර්ගය අතුගාමින් සිටින අයුරු දැක ගැනිමට හැකි විය. අම්බුළුවාව ජෛව විවිධත්වය සංකිර්ණය එතුමාගේ නිර්මාණයක් වන අතර අදටත් එහි බොහෝමයක් කටයුතු පවත්වාගෙන යන්නේ එතුමාගේ මග පෙන්විම යටතේය. මෙම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් සෑම දිනයකම පැමිණෙති. කිලෝමිටර් දෙකකට ආසන්න දුරක් අම්බුළුවාවේ කදු මුදුනට නරඹන්නට යෑමට සිදු වෙන අතර දෙස් විදෙස් සංචාරකයන් අවට සිරි නරඹමින් කදු මුදුන බැලිමට එම මාර්ගයේ ගමන් කරති. තවත් සමර පිරිස් ත‍්‍රීරෝද රථ වලින් හා වෙනත් වාහන වලින් කදු මුදුන බැලිමට ගමන් කරයි. හිටපු අගමැතිවරයා ඊයේ (15) ඉරිදා එම මාර්ගයේ කැඩි ගිය ස්ථාන නැවත පිළිසකර කිරිමට තවත් කම්කරුවන් පිරිසක් සමග එක්ව සිටි අතර කම්කරුවන් සමග එම වැඩ වල නිරත වු ඒ මහතා හිටපු අගමැති බව එම කන්ද නැරඹිමට යන කිසිවෙකුට සොයා ගැනිමට අපහසු වෙයි. හිසට තොප්පියක් දමා ගෙන එම මාර්ගයේ වංගු සහිත ස්ථානයක එතුමා තමන්ගේ පාඩුවේ කැඩි ගිය වලවල් වල කොළ රොඩු හා වැලි ඉදලක් ආධාරයෙන් ඉවත් කරමින් සිටි අතර මාර්ගයේ ඇති කොළ රොඩුද පැත්තකින් අතුගා ගොඩ කරන අයුරු දැක ගත හැකි විය. බැලූ බැල්මටම පෙන්නට ඇත්තේ කිලිටු වු කම්කරුවන්ගේ ඇදුම් වලට සමාන ඇදුමක් ඇද ගත් තවත් කම්කරුවෙකු ලෙසිනි. මාවනැල්ල සමන් විජය බණ්ඩාර
 

More News..