brand logo

හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්

18 February 2021

මාස 10කට අධික කාලයක් රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. සැකකාර හිජාස් හිස්බුල්ලා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසුවය. පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදාය. එම දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදුකළේය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් ලබා ගත් රැඳවුම් නියෝගය අවස්ථා කිහිපයකදී දිර්ඝ කරමිනි.
 

More News..