brand logo

හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදය හුදෙකලා කෙරේ

26 April 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26) හඳුනා ගැනීමෙන් අනතුරුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා සඳහන් කරයි. හිඟුරක්ගොඩ,සිරිකෙත ජනපදයේ පවුල් 315කට අයත් පුද්ගලයන් 1119ක් පමණ වෙසෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 

More News..