brand logo

හැරී සහ මේගන් රාජකීය නම්බුනාම අත්හරී

19 January 2020

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර තිබේ. බකිංහැම් මාළිඟය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි. එමෙන්ම ඔවුන්ට තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් කීමට ද හැකියාවක් නොමැති බව බකිංහැම් මාළිඟය සදහන් කරයි. ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇති.
 

More News..