brand logo

හැම තීන්දුවක්ම දරුවන් වෙනුවෙන්

06 July 2020

දෙමාපියනි, ඔබේ දරුවා පාසල තුළ සුරක්ෂිතයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මග පෙන්විය යුත්තේ දරුවෝ. එහෙම නැතිව දේශපාලකයෝවත්, නිලධාරීන්වත් නොවෙයි. ඒ පූර්ව නිගමනය ඒ පූර්ව තීරණය මත ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය විදියට හැම තීන්දුවක්ම ගන්නේ ඒ මතයේ සිට දරුවන්ට යහපතක් වෙන ලෙසට බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. නව පාසල් වාරය ආරම්භ කළ  මාතර පුදේශයේ පාසල්  කීපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එලෙස පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය. අද අධ්‍යාපන අමාත්‍යාංහයේ කණ්ඩායම් දෙසීයක් රටපුරා පාසල් වල මේ කටයුතු නිරීක්ෂණය කළා. ඒ කිසි තැනිකින් මේ දක්වා  වාර්තාවුනේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ උල්ලංගණය කරමින් කටයුතු කරන බවට. මම අද මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, සුජාතා විද්‍යාලය කඹුරුපිටියේ හා හක්මණ පසල් වලට ගියා. ඒ හැමතැනකදීම් සියළු කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට අනුව සැකසී තිබුනා. තිබුණු එකම අඩුව තමයි අර කුඩා දරුවන්ගේ මුඛ ආවරණ පැළඳීම ගැන. සෞඛ්‍ය අමාත්‍යාංශය කයා තිබෙන්නේ කුඩා දරුවන්ට එය අවශ්‍ය නැති බව මම හිතනවා ඒකත් අද සිට හරියාවි කියා.  
 

More News..