brand logo

හැම කෙනෙක්ටම තරඟ දිනවන්නෙක් වෙන්නත් බැහැ

14 March 2019

සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම තරඟ දිනවන්නෙක් බවට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ගල්ෆ් පුවත් සේවය සමග සාකච්ඡාවක නිරත වෙමින් මුරලි මේ බව සදහන් කළේය. ක්‍රීඩකයන් කණ්ඩායම සමග ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඉන්දියානු කණ්ඩායම ඇත්ත වශයෙන්ම හොඳින් කටයුතු කරමින් සිටින අතර ලෝක කුසලානය වටා අත්හදා බැලීමට උත්සාහ කරනවා. උත්සාහයේදී ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. කණ්ඩායමේ ඉන්න 11දෙනාම විරාට් කෝලි වෙන්න බැහැ. හැම කෙනෙක්ටම තරඟ දිනවන්නෙක් වෙන්නත් බැහැ. ඔබ සමහරක් තරඟ ජයග්‍රහණය කරයි. ඒ වගේම සමහරක් තරඟ පරාජය විය හැකියි. එසේ නැත්නම් හැම කණ්ඩායමකම ක්‍රීඩකයින් 11දෙනා කෝලි හෝ සචින් හෝ දොන් බ්‍රැඩ්මන්ලගෙන් පිරවිය යුතුයි. ඒත් ඒක වෙන්න බැහැ. ක්‍රීඩාලෝලීන් ඉවසිලිවන්ත විය යුතුයි. ඉන්දියානු ක්‍රීඩකයින් ඔවුන්ගේ කාර්යභාරය හොදින් කළා. ඔබට බැහැ අනවශ්‍ය විදිහට ඔවුන්ට පීඩනයක් දෙන්න. මේක ක්‍රීඩාවක්, ජයග්‍රහකයන් සහ පරාජිතයින් ඉන්නවා. වඩා වැදගත්ම දේ වන්නේ ක්‍රීඩකයින්ව පීඩනයකින් තොරව තබා ගැනීමයි. ඔවුන්ට ක්‍රීඩාවට අවධානය යොමු කරන්න ඉඩ දිය යුතුයි. එවිට අපේක්ෂිත ප්‍රතිඵල ගෙන එන්න පුළුවන්.
 

More News..