brand logo

හැම එකටම ජනාධිපතිවරයා අල්ලගෙන හරියන්නේ නෑ - දයාසිරි

21 May 2019

රටේ තත්ත්වය අවිනිශ්චිතයි. මොකද මේ වෙන්නේ? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තඹ කම්හලේ සැකකරුවන්ට නඩු දැම්මේ නැහැ. ඔවුන් හය දෙනා නිකන්ම නිදහස් වුණා. සමහර ප්‍රදේශ පරීක්ෂා කරන්න ආණ්ඩුවේ දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි හේතු කාරණා නිසා සිංහල ප්‍රදේශවල මිනිස්සුන්ට යම් වේදනාවක් තිබෙනවා. ජාතීන් දෙක අතරම දැන් සැක සංකා මතුවෙලා. ඔය හේතු නිසා දැන් ජාතීන් අතර ගැටුම් අැතිවෙන තත්ත්වයට පත්වෙලා. ආරක්ෂාව තිබෙන්නේ ජනාධිපති අතේ? එහෙත් එතුමා ඉන්නේ දැන් චීන රටේ? ‍පොලිසිය ගත යුතු තීන්දු පොලිසිය ගත යුතුයි. එහෙම නැතිව චෙක්කරන එකයි, අත්අඩංගුවට ගන්න එකයි, පැමිණිලි ලියන එකයි ඔක්කෝම ජනාධිපතිට කරන්න බැහැනේ. අනිත් එක දැන් විශාල ප්‍රශ්න ගණනාවක් ඇතිවේගෙන යනවා. මේක දැන් චීනය සහ ඇමෙරිකාව අතර තිබෙන ප්‍රශ්නයක මට්ටමෙයි තියෙන්නේ. මෙවැනි වෙලාවක ජනාධිපතිතුමාගේ චීන සංචාරය නිසා රටට විශාල ප්‍රයෝජන ඇතිවෙලා තිබෙනවා. මොනවද ඒ ප්‍රයෝජන? කෝටි දෙසිය ගාණක මුදලක් ආධාරයක් ලෙස චීනයෙන් ලැබුණා. පොලිසියට අවශ්‍ය ජීප් රථ විශාල සංඛ්‍යාවක් ලබා දෙන්න පොරොන්දු වුණා. රටේ ආරක්ෂාවට ඉතාම අවශ්‍ය තොරතුරු තාක්ෂණික උපකරණ පද්ධති දෙන්නත් ඔවුන් පොරොන්දු වුණා. චීනෙන් මේවා දෙනකොට ඒවා ගන්නේ නැතිව ශ්‍රී ලංකාවට වෙලා උඩ බලාගෙන ඉන්නද? මේ අවස්ථාවේ රටේ තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන්න ඔබ කටයුතු කළාද? ඔව්. අපි කතා කළා. එතුමාගේ උපදෙස් පරිදි තමයි විශාල හමුදා භට ප්‍රමාණයක් දාලා හමුදාපතිගේ මැදිහත්වීමෙන් කුරුණෑගල ආරක්ෂාව තර කළේ. එස්ටීඑෆ්, නේවි මේ ඔක්කෝම දාලා තමයි ඇතිවෙන්න ගිය ඉතා දරුණු තත්ත්වයක් මැඬ පවත්වගන්න අපට පුළුවන් වුණේ. ඒ වුණාට අකිල විරාජ් කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා පොලිස් අත්අඩංගුවේ ඉන්න අය මුදාගෙන ගියා කියලයි. මේ ප්‍රකාශය ඔබ ඉලක්ක කර ගත්තක්ද? ඒක බොරු කතාවක්. අකිලගේ හොඳම ගෝලයෝ දෙන්නා නම් කුලියාපිටිය පොලිසියෙන් නිදහස් කළා, පසුගිය දවසක. මම ළඟ ඒ සිදුවීම්වල ෆොටෝස් ඔක්කෝම තියෙනවා. ඒ නිදහස් කරගත් අය නොසන්සුන්තාවක් ඇති කරන්න මුල්වෙච්ච අයද? නැතිව. කුලියාපිටියේ පහරදීම්වලට හතර දෙනෙක් සම්බන්ධ වුණා. ඒ හතර දෙනාම එදා රෑ වෙනකොටම නිදහස් කළා. එතකොට හෙට්ටිපොළ පොලිසියට ගිහින් ඔබතුමා නිදහස් කරගත් හය දෙනා? බොහෝම පැහැදිලිව කියන්නේ මම ඒ අය නිදහස් කරගෙන ගියේ නැහැ. ඒ අය අත්අඩංගුවට ගෙන තිබුණේ බිංගිරිය පොලිසියෙන්. ඔවුන්ට ඇප දීම හෝ උසාවියට ඉදිරිපත් කිරීම කරන්න තිබුණේ බිංගිරිය පොලිසිය මගිනුයි. නමුත් ඔවුන් 6 දෙනා හෙට්ටිපොළ පොලිසියට ගෙනැවිත් තිබුණා. බිංගිරිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත නම් ඇයි මේ අයව හෙට්ටිපොළ පොලිසියට ගෙනාවේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මම දන්නැහැ මොන හේතුවක් නිසා එවැනි තීන්දුවක් ගත්තද කියන්න. මේ හය දෙනා ඔබ අඳුනනවද? නෑ.. නෑ... මම දන්නේ නැහැ. බිංගිරියෙන්නේ අත්අඩංගුවට අරන් තිබුණේ. ඒ අය බිංගිරියේ කට්ටිය. මගේ ආසනේ අය නෙවේ. මේ පිරිසට ඇප දෙන්න බිංගිරිය පොලිසියට ගේන්න කියලා තිබුණා. ඒත් පොලිසිය වටේ රැස්වෙලා හිටපු ජනතාව පොලිස් ජීප් රථයට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම මේ තරුණයන්ව මගේ වාහනෙන් බිංගිරිය පොලිසියට ගිහින් දැම්මා. එහෙම නැතුව ඒ අය මුදාගෙන ගෙවල්වලට ඇරලුවේ නැහැ. නමුත් නැගෙන චෝදනාව ඔබ එම තරුණයන් 6 දෙනා මුදාගත් පසු එම තරුණයන් මුස්ලිම් ජාතිකයන්ගේ කඩවල්වලට පහර දුන් බවටයි? නැහැ... ඒක සම්පූර්ණ බොරුවක්. ඔය අකිල විරාජ්ලා හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ ප්‍රශ්නය මැඬපවත්වන්න කතා කළේ නැහැ. ගෙදරට වෙලා බුදියගෙන හිටියා මිසක්. ගැහුවට පස්සේ ගෙවල්වලට යන එක නෙමෙයි කරන්න ඕන, දේශපාලකයන් විදිහට අපි මිනිස්සුන්ව සන්සුන් කරලා ඇතිවෙන්න යන අර්බුදය විසඳිය යුතුය. ඒ අවස්ථාවේ ඔබත් පොල්ලක් අරන් හිටියා කියලා ආරංචියි? මම පොල්ලක් අරන් අපේ එවුන්ට ගැහුවා ‘‘පලයල්ලා ගෙවල්වලට’’ කියලා. ඒ වෙලාවේ එතන හිටිය තරුණයෝ මට හූ කියලා වතුර ගැහුවා. ඒ හැම දෙනාම මේ වෙච්ච දේ දන්නවා. ඔය ‘මොන කුමාරද’ කියන මිනිහා අපේ පැත්තේ කෙනෙක් නෙවෙයි. එයා තමයි එතන හිටපු අයව ඇවිස්සුවේ. මම එනකොට ඔය කුමාර කියන මිනිහා දේශනයක් තිය තියා හිටියා එතැන ඉන්න අයට. මම ඒකයි එයාට කිව්වේ මෙතැනින් ඉවත්වෙලා යන්න කියලා. හෙට්ටිපොළට ඇවිල්ලා දේශන තියන්න එයා කව්ද? මිනිහා අම්පාරේ කෙනෙක්. ඒ කියන්නේ ඔබ පොලිසිය ළඟට ගියේ එතන ඇතිවෙලා තිබෙන තත්ත්වය සන්සුන් කරන්නද? අනිවාර්යයෙන්ම. මම ප්‍රදේශයේ දේශපාලනඥයා විදිහට එතැනට ගියා. තුෂාර මන්ත්‍රීතුමා ඒ කිට්ටුව කාමරයකට වෙලා හිටියා. ඒ ගොල්ලෝ ආවේ නැහැ. අකිලලා, නලීන් බණ්ඩාරලා ආවේ නෑ, මේ තත්ත්වය සමනය කරන්න. මුස්ලිම් ගම්වලට ගහනවා කියලා දැනගත්තහම තමයි ඒ ප්‍රශ්නය විසඳන්න අපි ගියේ. මුස්ලිම් ජනතාවම තමයි කිව්වේ ‘‘සර් ඇවිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න’’ කියලා. මේ මුස්ලිම් ජනතාව බේරාගන්න ගිය කාරණේ තමයි අවසානයේ මගේ ඔළුවට කඩාපාත් වුණේ. ඔබ මුලින් කිව්වා නිසි ලෙස සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම නිසා තත්ත්වය උග්‍ර වුණු බව. හිස්බුල්ලා, සම්බන්ධයෙනුත් විවිධ චෝදනා එල්ල වුණා. ඔහු ගැන යම් තීරණයක් ගැනීමේ හැකියාව ඔබ පාර්ශ්වයට තිබෙනවා. ආණ්ඩුකාර ධුරය දුන්නේ ජනාධිපතිවරයායි? ඒගොල්ලන්ට විරුද්ධව තිබෙන චෝදනා බලලා පියවර ගත යුතුයි. අඩුම ගානේ ආණ්ඩුකාර ධුරයෙන් අයින් කරලා යම් ආදර්ශයක්වත් දෙන්න පුළුවන්නේ? ආණ්ඩුකාර ධුරය අයින් කරන්න ඉස්සර වෙලා එයාට තියෙන චෝදනා මොනවද කියලා බලන්න ඕන. ඇයි ඉතින් ඒ ගැන ක්‍රියාත්මක නොවන්නේ? එයා ගැන ඔයාට මොකක්ද තියෙන චෝදනාව. එහෙම මොකක් හරි චෝදනාවක් තියෙනවා නම් කරුණාකරලා ගිහින් ඉදිරිපත් කරන්නකෝ, එතකොට ඉවරනේ. නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයක් හැදුවේ හිස්බුල්ලා කියලා කියනවා? විශ්ව විද්‍යාලයක් හදන එක නීති විරෝධීයි කියලා කොහෙවත් තියෙනවද? එතැන ෂරියා විශ්ව විද්‍යාලයක් කියලා එකක් නැහැ. විශ්ව විද්‍යාලයක් නම් හදලා තියෙනවා. ඒකට පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු දෙකෙන්ම අනුමැතිය ලැබිලා. ආණ්ඩු දෙකෙන්ම අනුමැතිය දුන්නා නම් හිස්බුල්ලා පළි නැහැනේ ඒකට. හිස්බුල්ලට විරුද්ධව මට වෙනම චෝදනා ගණනාවක් තිබෙනවා. ඒක වෙන දෙයක්. හිස්බුල්ලලාට විරුද්ධව තිබෙන අනිකුත් චෝදනා මොනවද? ඒ චෝදනා ඔයාට කියලා වැඩක් නැහැනේ. හිස්බුල්ලලා පැත්තකින් තියමුකෝ. බදුයුද්දීන් සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද? බදුයුද්දීන් ගැනත් චෝදනා ගණනාවක් තිබෙනවා. හැම එක්කෙනාම චෝදනා එල්ල කරනවා. එහෙත් මෙන්න මෙයා මේ සිද්ධියට හරියටම සම්බන්ධයි කියලා හොයා ගත්තා නම් අපට ඉදිරි පියවර ගන්න පුළුවන්. මම කියන්නේ මුජිබර් රහුමාන්, බදුයුද්දීන්, හිස්බුල්ලා...? ඔය ඔක්කෝටම විරුද්ධව අපිත් කතා කරනවානේ. ඔය කිහිප දෙනාට විරුද්ධව අපෙ ඇඟිල්ලත් දිගුවෙනවා. ඒත් ඒ එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරන්න බැරිවුණානේ තාම? ප්‍රශ්න කරන්න පොලිසිය ක්‍රියා කරන්න ඕන. නිකම් මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න බැහැ. ඔවුන්ට විරුද්ධව චෝදනා හරියටම හොයන්න ඕනැ. ඒ චෝදනා හොයන වගකීම තිබෙන්නේ පොලිසිය ඇතුළු රජයටමයි? කාරණා නිවැරදිව හොයලා බලලා මා වැරදි නම් මාව අත්අඩංගුවට ගත්තත් කමක් නැහැ. මේ චෝදනා නැගෙන ඇමැතිවරුන් ඇතුළු පිරිස් ගැන පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා නොවේද මේ ජනතා විරෝධය එල්ල වෙන්නේ? ඔව් පළමු හේතුව ඒක. ඊළඟට මේ මුස්ලිම් ගම්මාන හරියට පරීක්ෂා කරන්නේ නැති එක. ඉතින් ඇයි පරීක්ෂා නොකරන්නේ? එක එක්කෙනා බලපෑම් කරලා පරීක්ෂා කිරීම් නවත්වනවා. අපි කියන්නේ මෙම ගම්මාන නීතියට අනුව පරීක්ෂා කරලා ත්‍රස්තවාදී චෝදනාවෙන් මුස්ලිම් ජනතාව බේරාගන්න කියලයි. මම මේ ගැන පොලිස්පති එක්කත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමගත් කතා කළා. ඒ අය කියන්නේ සම්පූර්ණ පරීක්ෂාවක් කරන්න තරම් බල සෙනගක් තමන්ට නැහැ කියලා. රටේ ජනතාවගේ පැත්තෙන් ඔවුන් කාටද මේ ප්‍රශ්න කියන්න ඕනෑ? ආණ්ඩුවට තමයි ඉතින් කියන්න ඕන. හැම එකකටම ජනාධිපතිව අල්ලගෙන හරියන්නෑ. ඕගොල්ලන්ට ඉතින් යූඑන්පී එක හොඳයි. ගෝඨා නැතිනම් යූඑන්පී එක තමයි ඕගොල්ලන්ට හොඳ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම මේකේ වගකීමක් තිබෙනවා. ඔවුන් ජනතා නියෝජිතයෝ සිංහල - මුස්ලිම් දෙමළ හැම ජනතාවම අද පීඩනයට ලක්වෙලා. ඔබ කියන ලෙස ඔබටත් දැන් කරගන්න දෙයක් නැති බවයි පේන්නේ? ඔව් ඉතින් අපි පොලිසියට ක්‍රියාකරන්න බලය දීලා තියෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් කරන්නේ නැහැ. මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා මැදිහත් වෙලා, ජනපතිවරයා සමග සාකච්ඡා කොට ජනතාවගේ බිය සැක දුරු කිරීම උදෙසා රටම පරීක්ෂාවට ලක් කළොත් නරකද? අනිවාර්යයෙන්ම. ඒක පුළුවන් තරම් ඉක්මනින් ඉටුවේවි. තුෂාර උඩවත්ත
 

More News..