brand logo

හැටන් හි ලංකා බැංකුවේ සංචාරක බංගලාව ගින්නෙන් විනාශයි - හේතුව හෙළිවෙයි

09 August 2019

හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක බංගලාවක් ඊයේ (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් හටගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ආ බවයි පොලිසිය පැවසුවේ. සංචාරක බංගලාවේ උඩු මහලේ වහල මත බැද තිබු බඹර කුඩුවක් පුළුස්සා විනාශ කිරිමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ප්‍රදේශවාසින් පැවසුවද එවැනි පැමිණිල්ක් හෝ තොරතුරක් තමන් වෙත ලැබි නොමැති බවයි ගින්න පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසුවේ. සංචාරක බන්ගලාවේ බැද තිබු බඹර කුඩුව පුළුස්සා විනාශ කිරිමට කිසියම් පිරිසක් උත්සහ දරා ඇති බවට එහි ගිය අපට දක්නට ලැබුණා. පැතිර යමින් පැවති ගින්න පාලනය කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය ,නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසින් දැඩි උත්සහයක නිරත වි ගින්න පාලනය කිරිමට සමත් විය. සුදු අධිරාජ්‍යයවාදින් විසින් එවකට ඉදි කරන ලද මෙම සංචාරක බංගලාව වසර 100 කට වඩා ඉපැරණි අතර එම සංචාරක බංගලාව වර්තමානයේ ලංකා බැංකුව සතු දේපලක් බවයි පැවසෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත. ගින්න පිලිබදව නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..