brand logo

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්

05 January 2019

ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය පිහිටි සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම රක්ෂිතයේ නැගෙනහිර මායිමේ මෙම ගින්න හට ගෙන තිබෙන්නේ. පවතින දැඩි වියළි කාලගුණයත් සමග ගින්න සිංගිමලේ ප්‍රධාන රක්ෂිතයට පැතිර යමින් පවතිනවා. සිංගිමලේ රක්ෂිතය ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන අතර හැටන් ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය සපයන ප්‍රධාන ජල ටැංකියද මෙම රක්ෂිතය අසල පිහිටා ඇත. හැටන් පොලිසිය පැවසුවේ මෙම ගින්න මැඩ පැවැත්විම සදහා නිලධාරින් පිරිසක් මේ වන විටත් ගින්න හට ගත් ස්ථානය වෙත යොමු කර ඇති බවයි. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..