brand logo

හැටන් ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ උද්ඝෝෂණයක

21 September 2018

රජය වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියට සමගාමීව හැටන් ස්ටැඩන් වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 50ක් වෙනුවෙන් එම වතුයායේ පාලනාධිකාරිය  ලබා දී ඇති ඉඩම ඒ සදහා නුසුදුසු බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද (21වැනිදා) ස්ටැඩන් වත්ත තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරිත විය. විරෝධතාකරුවන් කියා සිටියේ වතු පාලන අධිකාරිය ලබා දුන් ඉඩම ඉතා දුෂ්කර ස්ථානයක පිහිටා ඇති බවයි. එම ස්ථානයේ නිවාස ඉදිකළ හොත් තම රැකියාව කරගෙන යාමට බාධා පැමිණෙන බවත්, තම දු දරුවන්ට පාසලට විශාල දුරක්  පයින් ගමන් කිරිමට සිදුවන බවත් ඔවුහු පැවසූහ. පසුව විරෝධතාකරුවන් හමුවට පැමිණි එම වතු අධිකාරී ලලිත් අබේවර්ධන පැවසුවේ එම නිවස ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා ඉඩම තෝරා ගනු ලැබුවේ වතුකම්කරුවන් බවත් යළි වෙනත් ඉඩමක් දිය නොහැකි බවත්ය. එම අවස්ථාවේ විරෝධතාවකරුවන් හා වතු අධිකාරිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර අනතුරුව දික්ඔය වැවිලි මානව සංවර්ධන කාර්යයාලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ වතු කම්කරුවන් සමග සාකච්ඡා කරමින් කියා සිටියේ එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරිම සදහා දැනට වතු පාලන අධිකාරිය මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බවට ලිඛිතව තම කාර්යයාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එම පැමිණිල්ල අනුව වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරිම සදහා එම වතු යායේම වෙනත් සුදුසු ස්ථානයක ඉඩමක් වෙන් කිරිමට කටයුතු කරන බවත්ය.
 

More News..