brand logo

හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ උඩ මළුවට ආසන්නයේ නාය යෑමක්

21 July 2019

හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ උඩ මළුවට ආසන්නේ මහගිරිදඹ ප්‍රදේශයේ ඉකුත් 19 වනදා රාතියේ නාය යාමකට ලක්වී තිබේ. මීටර් 15 ක පමණ භුමි ප්‍රමාණයක් මෙසේ නාය ගොස් ඇති අතර නාය යෑම නිසා ඒම ස්ථානයේ භුමියෙන් ඒළා ඇති විදුලි රැහැන් වලට හා හා ජල සැපයුම් නල වලට හානි සිදුව තිබේ. මෙම ස්ථානයේ පියගැටපෙ අළුත් වැඩියා කිරිමේ කටයුතු වල නාවුක හමුදා බට පිරිස් නිරත වී සිටිති. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට තද වැසි ඇද හැළුන 19 දා රාත්‍රියේ මෙම නාය යෑම සිදුව තිබේ. මෙහිදි කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත. හැටන් චන්දන ජයවීර
 

More News..