brand logo

හැටන් නගරයේ ධාවනය වන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් ,සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ

29 April 2019

පාස්කු ඉරුදින (21) සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමගම හැටන් ප්‍රදේශයේ ධාවනය කරවන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් සහ සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ. හැටන් ප්‍රදෙශයේ ආරක්ෂාව පිලිබදව සියළු පාර්ශවයන් දැනුවත් කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් සහ හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂ එ.එල්.එම් ජෙමිල් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පැවති සාකච්ඡාවේදි මෙම තිරණය ගනු ලැබුවා. හැටන් නගරයේ ධාවනය වන සියළුම ත්‍රිරෝද රථ නගර සභාවේ ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ලියාපදිංචි වු ත්‍රිරෝද රථ සදහා විශේෂ ස්ටිකරයක් ලබාදෙන අතර එම ස්ටිකරය ප්‍රදර්ශනය කරමින් නගර සභාව මගින් අනුමත කර ඇති ත්‍රිරෝද රථගාල් වල පමණක් ත්‍රිරෝද රථ ගාල් කර ධාවනය කල හැක. නගර සභාවේ විශේෂිත ස්ටිකරය නොමැතිව කිසිදු ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමට පොලිසිය මගින් අවසර ලබානොදෙන අතර ස්ටිකරය සහිත ත්‍රිරෝද රථවල පමණක් මගි ජනතාවට කුලි පදනම මත එම ත්‍රිරෝද රථවල ගමන් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා නාදුනන මගින් පිලිබදව විමසිල්ලෙන් පසුවන ලෙස ත්‍රිරෝද රථ රියදුරන්ට මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් උපදෙස් ලබාදෙනු ලැබිය. හැටන් නගරයේ පිහිටි සියළුම සංචාරක නිකේතන සහ සංචාරකයන්ට නවාතැන් පහුකම් ලබාදෙන නිවාස අනිවාර්යයයෙන් ලියාපදිංචි කල යුතු අතර එම සංචාරක නිකේතන වලට නවාතැන් ගැනිමට පැමිණෙන සියළුම අයවරුන් පිලිබදව එම සංචාරක නිකේතනවල අයිතිකරු විසින් නගර සභාව සහ පොලිසිය දිනපතා දැනුවත් කල යුතුය. හැටන් නගරයේ සියළුම වෙළදසැල්වල සේවය කරන සේවකයන් සහ සංචාරක නිකොත්නවල සේවය කරන සේවකයින් පිලිබදව එහි අයිතිකරුවන් විසින් ලිපි ගොනුවක් සකස් කර එම ලිපි ගොනුවද නගර සභාව සහ පොලිසිය වෙත ලබාදිය යුතුය. හැටන් නගරයේ රථ වාහන සැලැසුමක් දියත් කර ඇති අතර ,රියදුරෙකු නොමැතිව කිසිදු වාහනයක් නගරය තුල ගාල් කර නොතිබිය යුතු අතර නගරයේ ගාල් කර සැම වාහනයකම රියදුරාගේ දුරකථන අංකය පැහැදිලිව දිස්වන සේ ප්‍රදර්ශනය කල යුතුය. හැටන් නගරය තුල පොලිතින් උරවල බහා කැලි කසල වෙළදසැල් ඉදිරිපිට බැහර නොකල යුතු අතර වෙළදසැලට පිටතින් පැමිණෙන සැම පරිභෝගිකයෙකු පිලිබදව විමසිල්ලෙන් සිටිමටත් සැම වෙළදසැලකම ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරිමටත් එසේ සවි කරන ආරක්ෂිත කැමරාවක් ප්‍රධාන මාර්ගය දිස්වන අකාරයට සවි කල යුතු බවටත් මෙම රැස්විමට පැමිණ සිටි වෙළද ව්‍යාපාරිකයන් දැනුවත් කලහ. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..