brand logo

හැටන් නගරයේ දමිල පාසල් සිසුවෙක් ආසාදිතයි

15 January 2021

    හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන දමිල පාසලක අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවකුට කොවිඩ් ආසාදිත බව PCR වාර්තා අනුව හඳුනාගෙන තිබෙනවා. මේ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා සඳහන් කර ඇත. එම ආසාදිත සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඔහු ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. හැටන් වටරවුම් පාරේ පදිංචි එම අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමුකර පසුව සිදුකල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විය. එම ආසාදිත සිසුවා මෙම මස  07,08 යන දින වල පාසලට ගොස් ඇති නිසා පාසලේ 10 වසරේ සිසු සිසුවියන් 45 දෙනෙකු , තවත් සිසු සිසුවියන් 8 දෙනෙකු සහ අසාදිත සිසුවාගේ ළගම ආශ්‍රිත ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමුකර තිබේ.
 

More News..