brand logo

හැටන්, දික්ඔය, බගවන්තලාව අද කළුවරේ ද ?

16 August 2018

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා අද (16දා) සවස හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් අධිබල විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටී හැටන්" දික්ඔය, බගවන්තලාව ප්‍රදේශයන්හි විදුලිය ඇණහිට තිබේ. බගවන්තලාව කර්කස්වොල් තේ වත්ත ප්‍රදේශයේදි ගස ඇද වැටීමෙන් රැහැන් පද්ධතිය සවිකර තිබු යකඩ කණු කඩා වැටී තිබේ. විදුලි සැපයුම යථා තත්වයට පත් කරන තෙක් විකල්ප රැහැන් පද්ධතියක් හරහා විදුලිය ලබා දීමට කටයුතු කරමින් සිටින බව හැටන් විදුලි බල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය. විදුලි බලය ඇණහිටීම නිසා තේ කර්මාන්ත ශාලා රැසක කටයුතුද ඇණහිට ඇත. විදුලි පද්ධතියට සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නොමැත.
 

More News..