brand logo

හැටන් අනවසර වෙළදසැල් ඉවත් කිරිමට පියවර

30 November 2020

හැටන් ප්‍රධාන බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගයේ සහ හැටන් බස් නැවතුම්පොල ආසන්නයේ පදික වේදිකාවේ ඉදි කර ඇති අනවසර වෙළදසැල් කඩා ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නගර සභාව වෙත දැනුම් දි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. එම අනවසර වෙළදසැල් නිසා පදික වේදිකාව ඉතා පටු වි පවතින නිසා මගින් හෝ පාරිභෝගිකයන් දෙදෙනෙකුට එකවර මාරු විමට ඉඩ ප්‍රමාණවත් නොවන බවට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට ලද පැමිණිලි කිහිපයක් මත කොමසාරිස්වරයා විසින් එය කඩා ඉවත් කරන ලෙසට ලිඛිතව දැනුම් දි ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.
 

More News..