brand logo

හාල් මිල බස්සන නීති අද ගැසට්ටුවට

19 December 2019

සහල් සඳහා වූ පාලන මිල රුපියල් 98ක් බව සඳහන් කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (19 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එම ගැසට් නිවේදනයට අනුව සම්බා සහ නාඩු සහල්වල පාලන මිල රුපියල් 98ක් වෙයි. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතර පැවති සාකච්ඡාවකදී සම්බා සහ නාඩු රුපියල් 98ට ලබාදීමට සහල් මෝල් හිමියන් එකඟ වී ඇත. එහෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 85කටත්, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80කටත් අලෙවි කළ යුතු බව සඳහන් කරමින් පාලන මිලක් පනවා තිබුණි. මෙම පාලන මිලද ඉක්මවා වෙළෙඳපොළේ සහල් අලෙවි වූ අතර ඊයේ (18 වැනිදා) වන විට ඇතැම් සහල් කිලෝවක මිල රුපියල් 110 දක්වා වැඩි වී තිබුණි. උදයජීව ඒකනායක
 

More News..