brand logo

හාල්, පිටි, සීනි වැඩිවෙලා

17 May 2019

වාර්ෂික ඒකපුද්ගල සහල්, තිරිඟුපිටි හා සීනි පරිභෝජනය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ වැඩි වී ඇත. 2018 මහ බැංකු වාර්තාවට අනුව 2017 ට වඩා 2018 ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 32 කින් වැඩි වී ඇත. 2017 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 106 ක් වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 138 දක්වා වැඩි වී ඇත. තිරිඟු පිටි වාර්ෂික පරිභෝජනය 2017 දී කිලෝ ග්‍රෑම් 18 වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 19 කි. 2018 වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 26 ක් වූ අතර 2018 දී එය තවත් කිලෝග්‍රෑම් 4 කින් වැඩිවී තිබේ. එහෙත් මාළු පරිභෝජනය 2017 දී කිලෝග්‍රෑම් 26 ක් වූ අතර එය 2018 දී කිලෝග්‍රෑම් 25 ක් දක්වා අඩු වී ඇත. චමින්ද සේනාරත්න
 

More News..