brand logo

හාල්පිටිවලට කුරුඳු කුඩු දාලා විෂ කහ හදලා රට පුරා යවලා

25 October 2020

කහ වලට සුදු සහල් මිශ්‍රකර මහා පරිමානයෙන් අලවි කරණ ස්ථානයක් අපිරිසිදු කහකුඩු කිලෝ 82 ක් සමගින් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි. මහනුවර රාජ්‍ය බුද්දි සේවයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පසුගිය (22) පස්වරුවේ එම් ස්ථාණයට බුද්ධි නිලධාරින් යන විටද කහ වලට සුදු සහල් මිශ්‍ර කර ඇඹරුම් යන්ත්‍රවලින් අඹරමින් සිටි බවද පොලිසිය පවසයි. දවුලගල බූවැලිකඩ ගෙලිඔය මාර්ගයේ මෙම ඇඹරුම් හල පිහිටා තිබෙන අතර දවුලගල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විටද කහ වලට සුදු සහල් මිශ්‍ර කරමින් අඹරිමින් සිට ඇති අතර එම ඇඹරුම් හලේ හිමිකරු හා පුස්සැල්ලාව වහුගහපිටිය ප්‍රදේශවල සිට සේවයට පැමිනි සේවකයින් 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි ඇත. පොලීසිය සැකකරුගෙන් කළ විමර්ශනයේදි මෙම අපිරිසිදු කහ දඹුල්ල , කල්මුනේ . කෑගල්ල , මාවනැල්ල , කාත්තංකුඩි , යන ප්‍රදේශවල වෙළඳසැල්වලට අලෙවි කරනු ලබන බවද පවසා ඇති අතර මෙම අපිරිසිදු කහ අලෙවි කරන ලද වෙළඳසැල් සෙවිම සදහා විමර්ශනයක් ඇරඹු බව දවුලගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් අබේවර්ධන මහතා පැවැසිය. මෙම අපිරිසිදු කහ සැකසුම් කරන ඇඹරුම් හල වැටලිමෙන් පසුව පාරිභොගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි ඒ එම් ජේ සමන්ත අතපත්තු මහතා සහ නිලධාරින් එම ස්ථානයට පැමිණ එහි කහ හා කහ කුඩු සැකසිමට භාවිතා කරන ලද සුදු සහල් කුරුදු පොතු සහ අනිකුත් ද්‍රව්‍ය සාම්පල ලබාගත් අතර ඒවා රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනිමට නියමිත බවත් මෙම ස්ථානය නිසි බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකරුවන් ඉදිරියේදි ගම්පල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් එම ඇඹරුම් හල මුද්‍රා තැබු බවත් පාරිභොගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී ඒ එම් ජේ සමන්ත අතපත්තු මහතා පැවසිය.  
 

More News..