brand logo

හාට් එක නැති කට්ටිය හාට් එකෙන් ඉල්ලයි - චමල් කියයි

13 February 2020

ජනාධිපතිතුමාගේ සෞභාගයේ ඉදිරි දැක්ම වැඩ පිලිවෙල යටතේ B"ශ්‍රේණියේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන යටතේ B"ශ්‍රේණියේ කුඹුරු වල අතිරේක බෝග වගා කිරීමේ සමාරම්භක උත්සවය අද(13) දා කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාවතගම මැටිබොක්ක යායේදී ආරම්භ විය. උත්සවය අවසානයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, * පුරන් කුඹුරු ගොවිතැන් කරන්න පටන් ගත්තා සමහර තැන් වල අපිට දකින්න ලැබෙනවා කුඹුරු ගොඩ කරනවා ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද ? කුඹුරු ගොඩ කිරීම සම්බන්ධයෙන් අපි ගොඩ කරන්න දෙන්නේ ඉතාමත් ම සොය බලල ඒ කුඹුරු සඳහා ජලය ගෙන එන්න බැරි නම් පමණයි අවසර ලබා දෙන්නේ ගොඩ කරන්න අනවසරයෙන් යම් කෙනෙක් කුඹුරු ගොඩ කරනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කළා ඒ අයට විරුද්ධව අවශ්‍ය නීතිමය කටයුතු කරනවා සමහරවිට ඒ ඉඩම් අපි පවරා ගැනීමට කටයුතු කරනවා. *එජාප ලකුණ ගැන සහ එජාප ගැන මාධ්‍යවේදීන් විමසා සිටියා පසුගිය ජනාධිපතිවරණයේදී අපේ ගම්බද ජනතාව හොඳ උත්තරයක් දුන්නා එය නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ ඊට වැඩිය දෙගුණයකින් ඒ උත්තරය අනිත් පැත්තෙන් ලැබෙයි හාට් එක නැති කට්ටිය හාට් එකෙන් ඉල්ලයි මේ දවස් වල අලි ඇවිල්ල මිනිසුන්ව විනාශ කරනවා වගේ ඒ අයත් විනාශ වෙලා යයි . *ඉදිරි මැතිවරණයේදී ආසන කීයක් ගන්න පුලුවන් වෙයි කියලද ඔබතුමා හිතන්නේ ? අපි අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ජනතාවට අවශ්‍ය වන්නේ ශක්තිමත් රජයක් වැනෙන එහෙම නැත්නම් විවිධ අයගේ බලපෑම් වලට යට වෙන හවුල් ආණ්ඩුව නොවෙයි ඒ නිසා අද හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා වගේම පාලනයට ඒ වගේම කළමනාකරණයට ඉතාමත්ම දක්ෂ සෘජු නායකත්වයක් දෙනවා ජනාධිපතිතුමන් *ඉදිරි මැතිවරණයේ දි නාම යෝජනා භාර දෙන විට වියත්මගට මොන වගේ අවස්ථාවක් ලැබෙයිද ? වියත් මගේ අයටත් නාම යෝජනා ලැබෙනවා නෙළුම් මාවතටත් ලැබේවා ගමේ අයටත් ලැබෙයි. සුදුසු හැමෝටම ඒ අවස්ථාව ලැබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.   ඒ.එම්.ඩි අධිකාරී    
 

More News..