brand logo

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා - බැසිල්

07 February 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක්‍ෂයට ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. එ් මහතා මෙසේ පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන නියෝජිතයින් හා එ් මහතා අතර පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදීය. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙම හමුව පැවැත්වුනු අතර එළැඹෙන 11 වැනිදා දක්වා පළාත් පාලන ආයතන නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ මහතා අතර මෙවැනි සාකච්ජාවට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත. 2018 වර්ෂයට අදාල පක්ෂයේ වාර්ෂික ගිනුම් ප‍්‍රකාශය ද මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ලබාදීම සිදුකෙරෙන අතර දේශපාලන පක්ෂයක් සිය පක්ෂ සාමාජිකයින්ට පක්ෂයේ වියදම් හා ආදායම් සම්බන්ධයෙන් හෙළි කිරීමක් සිදුවන්නේ පළමුවරටයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය ''මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම්. අපේ පක්ෂය ග‍්‍රාමීය වශයෙන් ශක්තිමත්. අනෙකුත් පක්ෂ නායකයින්ගේ සිට පහලට නිර්මාණය වුවත් අපේ පක්ෂය බිහිවුනේ සාමාජිකයාගේ සිටයි. මේ නිසා ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ හැකියාව, ධෛර්ය හා ශක්තිය අපේ පක්ෂයට තියෙන බව කියන්නේ සතුටෙන්. මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවුනොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා. මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුනත් අපිට මැතිවරණ ජයගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. එජාප පාලනය අවසන් කරන්න ලැබෙන ඕනෑම මැතිවරණයකදී පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසන්න ජනතාව සූදානමින් ඉන්නේ. එ් තරමට ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වයක් පේන්න තියෙනවා. මේ නිසා පොහොට්ටුව අත එකතු නොවුනත් මැතිවරණ දිනන්න පුලූවන්. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුනොත් ප‍්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සැබෑවයි ජනතාව දැනගන්න අවශ්‍ය වෙන්නේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ශක්තිමත් බව මැතිවරණ ජයගැනීමේ හැකියාව පසුගිය පලාත් පාලන මැතිවරණයේදී දැක්කා. එ් අවස්ථාවේ අපිත් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ්‍ය හිටියේ නැහැ. මේ අවස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එවැනි එකතුවක් මගින් රටට දෝහී වැඩිපිළිවෙලක් ගෙනියන, ජනතා දේපල විකුණන, රණ විරුවන් ගේ අගයක් නොදන්නා, රටට ආදරයක් නැති, මේ ආණ්ඩුව එළවා දැමීමේ හැකියාව තියෙනවා;'' යනුවෙනි.
 

More News..