brand logo

හවස වැඩට එන හෙදියෝ ගෙදර එක්ක ගිහින් නෑ

30 October 2020

කොවිඩ් වසංගතය පැතිරීම නිසා කොළඹ ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට සේවා මුර දෙකක් සඳහා දිනකට සිව් වතාවක් ප්‍රවාහන පහසුකම් ලබා දීමට පාලනාධිකාරිය එකඟත්වය පළ කළද මේ වන විට එම පහසුකම ලබා දෙන්නේ එක් සේවා මුරයක් සඳහා පමණක් බව හෙද සංගම් පවසයි. පෙරවරුවේ රෝහල වෙත හෙද කාර්ය මණ්ඩලය කැඳවාගෙන ඒම සහ යළි සවස 4.30 ට ඔවුන් කැඳවාගෙන යාමට පමණක් ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවට චෝදනා කරන හෙද සංගම් මේ නිසා පස්වරු 1.00 ට පමණ සේවා මුරයට පැමිණෙන සහ පස්වරු 7.00 ට සේවා මුරය අවසන් කරන හෙද කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් නොලැබෙන බවටද ඔවුහු පවසති. අජිත් අලහකෝන්
 

More News..