brand logo

හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය වසාදැමේ

09 February 2021

  වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත එගොඩවැල්ලේ පිහිටි හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය අද (09) තාවකාලිකව වසාදමා තිබේ. එහි ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිත වීම නිසා විධායක ඉංජිනේරු කාර්යාලය නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත. මෙම ඉංජිනේරුවරයා හලාවත ලංසියාවත්තේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රතිකාර පිණිස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. එසේම එම විධායක ඉංජිනේරු කාර්යාලයේ 22 නෙකු සඳහා අද (09) PCR පරීක්ෂණ සිදුකර ඇත.
 

More News..