brand logo

හලාවත මහා රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

30 July 2019

පවතින සුළු සේවාක පුරප්පාඩු වහා පුරවන ලෙස ඉල්ලමින් හලාවත මහා රෝහලේ සුළු සේවකයින් 30 වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය. හලාවත මහා රෝහල ඉදිරිපිට දිවා ආහාර විවේකයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.ඊට හලාවත මහා රෝහලේ සේවය කරන සියළුම සුළු සේවකයින් එක්ව සිටියේය. මෙම රෝහලේ ප්‍රතිකාර ඒකක සහ වාට්ටු ක්‍රමයෙන් වැඩි කරමින් පවතින නමුත් ඊට සමාන අකාරයට සේවය සදහා සුළු සේවකයින් නොලැබෙන බව ඔවුන් කියා සිටියේය.මේ වන විට සේවය සදහා සුළු සේවකයින් 250 දෙනෙකු යොදවා සිටින නමුත් සේවය සදහා යොදවා ඇති සේවක සංඛාව ප්‍රමාණවත් නොවන බවද ඔවුන් කියා සිටියේය.දැනට සුළු සේවක පුරප්පාඩු 120 ක් පවතින නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවෙකු නොමැති බවද විරෝධතාකරුවන් කියා සිටියේය. ඉදිරි දින දෙකක කාලය තුළද දිවා ආහාර කාලයේදී මේ ආකාරයටම විරෝධතා දක්වන බවත්,ඊට විසදුමක් නොලැබුනහොත් වැඩ වර්ජනයක් කරා යොමු වීමට අදහස් කර ඇති බවත් විරෝධතාව සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ හලාවත මහා රෝහල් ශාඛාවේ නියෝජිත සමීර ලක්මාල් අබේරත්න මහතා කියා සිටියේය. ජුඩ් සමන්ත
 

More News..