brand logo

හලාවත පොදු මාළු වෙළදපළෙත් කොරෝනා ආසාදිතයින්

20 November 2020

හලාවත පොදු මාළු වෙළදපොළ සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (21) සිට සතියක කාලයක් එම මාළු වෙළදපළ වසා දැමෙනු ඇත. හලාවත පොදු මාළු වෙළදපළේ සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙලෙස වෙළදපළ වසා දැමීමට තීරණය කළේ බව එහි ලේකම් කේ.පී. චන්දන කුමාර මහතා සදහන් කරයි. පසුගිය 17 වැනි දින අහමු ලෙසින් පී.සී.ආර්. පරීක්ෂණ 50දෙනෙකුට සිදුකර ඇති අතර, ඉන් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත.
 

More News..