brand logo

හලාවත අධිකරණය සතියකට වැසෙයි

27 November 2020

හලාවත නගරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරීම් අද (27) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හලාවත මහාධිකරණය කම්කරු විනිශ්චය සභාව හලාවත දිසා අධිකරණය හා අතිරේක මහෙසේත්‍රාත් අධිකරණය යන අධිකරණයන්හි නඩු ඇසීම ලබන මස 4 වැනිදා දක්වා නතර කර ඇත. මේ වන විට හලාවත නගර සභා සීමාව තුළ කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය අංශ විසින් සොයා ගැනීම සහ ග්‍රාම නිලධාරී වසම් හතරක් හුදෙකලා ගම්මානයන් බවට සෙ$ඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කිරීම පදනම් කරගෙන සියලුදෙනාගේ ආරක්ෂාව සදහා අධිකරණයන්හි විනිසුරුවරුන් විසින් කරන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. ලබන දෙසැම්බර් මස 4 වැනිදා වන විට ප්‍රදේශයේ තත්ත්වය යහපත් වුවහොත් අධිකරණයන්හි නඩු ඇසීම් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..