brand logo

හරීන් නියෝජ්‍ය නායකකම ඉල්ලයි - එකඟ නොවුණු නිසා සජිත්ගේ වේදිකාවෙන් පසුබසී

05 November 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන්නේ ඇමැති හරීන් ප්‍රනාන්දුය. මේ වන විට ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීයව සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි. එයට හේතුව ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා විසින් සජිත්ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා වැඩිපුරම තමන් ක්‍රියාකළ බැවින් නියෝජ්‍ය නායකත්වය හිමි යුත්තේ තමන්ට බවද හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇත. සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ එවැන්නක් මේ අවස්ථාවේදී කළ නොහැකි බැවින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඊට ලබා ගැනීමට නොහැකි බව වන අතර ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවසන් වන තෙක් ඉවසා සිටින ලෙස ඔහුට පවසා ඇත.
 

More News..